Pages

Wednesday, November 28, 2012

ඔලුව බේරාගමු ....

අපේ ඇගේ තියන වැදගත්ම කෑල්ල තමා ඔලුව කියන්නේ.(වෙන වැදගත් කෑලිත් තියනවා ;) ,එව්වා පස්සේ...) ඉතින් අපි කවුරුත් ඔලුව බේරගන්න කැමතියි නේ ,ඒකනිසා තමා ඔලුව ගැන පොස්ටුව්ක් දාන්න හිතුනේ ...
අපි බට්ටෝ,බ්ට්ටියෝ කාලෙ  සෙල්ලම් කරද්දී ඔලුව ඇනගෙන අඩපු හැටි ඔක්කොටම මතක ඇතිනෙ.ඒ වගේ වෙලාවක කරුමෙටව්ත් අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා ප්‍රතිකාර නොකර හිටියනම් අද අපි යටියන්තොට.ඒකනිසා  මේ හිසේ වෙන අභ්‍යන්තර රුධිර වහනයන් මොනාද කියලා දැනගන්න එක වැදගත්.
එව්වා  ප්‍රධාන වර්ග 2ක් තියනවා. ඒකෙන් පළවෙනි එකතමා  Extra-dural Heamorrhage කියන්නේ.
අපි හැමෝම දන්නවනේ  අපේ මධ්‍ය ස්නායු පද්දතිය මෙනෙන්ජි පටල 3කින් කවර් වෙලා තියනවා කියන ඒක .ඒ තමා ,
1. Dura mater
2.Arachnoid mater
3.Pia mater

මේවගෙන් පිටින්ම් තියෙන්නේ Dura mater එක.ඔය Dura mater එක හා පිටින්ම් තියන හිසේ අස්ථිය අතර තියන අවකාශයට තමයි Extra Dural Space නැත්තම්  Sub Dural Sapce කියන්නේ.ඔන්න ඔකේ තමා මොලයට හා මෙනෙන්ජි වලට රුධිරය සපයන ධමනි (eg:middle meningeal artery) තියෙන්නේ.
යම් විදියකට හිස් කබලට දරුණු පහරක් වදුන්නොත් අස්ථියට වහාම යටින් තියන රුධිර වාහිනී වලට හානි වෙලා රුධිර ගලනයක් වෙන්න පුලුවන්.එතකොට රුධිරය කලින් කිව්ව  එකේ එකතු වෙලා මොලයේ පටක වලට පීඩනයක් ඇති කරන්න පුලුවන්.එතකොට දැඩි හිසරදයක් වගේම ක්ලාන්ත වීමක් වෙන්න පුලුවන්.වැඩේ දුරදිග ගියොත් යටියන්තොට යන්නත් පුලුවන්.වැදගත්ම දේ තමා මේක කලින් අදුනගත්තොත් සරල surgery  එකකින් සනීප කරන්න පුලුවන්.



එහෙනම් මේක කලින් අදුනගන්නේ කොහොමද කියල බලමුකෝ.
 කලින් කිව්වා වගේ ඔලුව දරුණු ලෙස පහරක් වැදිලා මේ වගේ රුධිර ගලනයක් වුනොත් එවෙලම සිහිය නැතිවෙන්න පුලුවන් එහෙමත් නැත්තම් ටික දවසකට නැත්තම් මාස ගනනකට  පස්සේ උනත් සිහිය නැති වෙන්න පුලුවන්. වැදගත්ම දේ තමා මෙහෙම සිහිය නැති  උනාට අයෙත් ප්‍රකුර්ති තත්වෙට පත් වනවා. මේ තත්වෙට කියන්නේ  Lucid interval කියලා.
MRI scan එකකදී ද්වි උත්තල  එකක් විදියට තම ලේ කැටිය පෙන්නේ.
 මේ වගේ තත්වයක් ඇති වෙන්න පුලුවන් වඩාත්ම හැකියාවක් තියන්නේ Pterion කියන තැනටයි.
ඒක තියෙන්නේ හිසේ ඉහල කොටසේ මදක් පැත්තට වෙන්නයි. අස්ථි 4ක් එකතු වෙන තැනක් නිසා එතන ශක්තිය අඩුයි. එතනට පහරක් වැදුනොත් ඊ ට  යටින් දිවෙන  antertior branch of middle menengial artery එකට හානි වෙන්න පුලුවන්.මේ ධමනියට වහාම යටින් තියෙන්නේ මොළයේ motor area එකේ පාද වලට අදාළ කොටස, එනිසා එකතුවෙන රුධිරය නිසා ඇතිවෙන පීඩනය මගින් ඒ ප්‍රදේශය තෙරපෙනවා. ඒ කියනේ මේ වගේ තත්වෙකදී මුලින්ම පාද අප්‍රාණික වෙනවා.


දෙවනි  එක තමයි Sub-dural haemorrhage කියන්නෙ, එකදි රුධිර වහනය නිසා ලේ එකතු වෙන්නේ Dura mater හා Arachnoid mater අතර තියන අවකාශයට .මෙතනදී හානි වෙන්නේ (Bridging veins) වලට.මේවගෙන් තමයි මොලයේ තියෙන ශිරා රුධිරය මොලය වටා තියන විශාල ධමනි (Venous sinuses)වලට ගෙනියන්නේ.මේ වාහිනී ඉතා සියුම් නිසා පහසුවෙන් කැඩෙන්න පුලුවන්.මේ වගේ දෙයක් වෙන්න පුලුවන් රිය අනතුරකදී වගේ හදිසි ගස්සිමක්දී .මෙතැනදී පෙන්වන රෝග ලක්ෂණ කලින් කිවුව එකට වඩා වෙනස්. MRI ප්රික්ෂනයක්දී ලේ කැටිය පෙනෙන්නේ අවතල කාචයක හැඩයට .අනතුර සිදුවූ වහාම වගේ සිහිය නෙති වෙන්න පුලුවන්. නැවත ප්‍රකුර්ති තත්වෙට ආවත් ඒ ටික කාලෙකට විතරයි.කලින් එක වගේ දිගු කාලෙකට පස්සේ රෝගලක්ෂණ ඇති වෙන්නේ නැ.



මීට අමතරව Sub Arachnoid haemorrhage  වෙන්නත් පුලුවන්.නමුත් මුල් එව්වා තරම් සුලභ නැ .

මට කියන්න තියෙන්නේ ඔලුව බරපතල විදියට පහරකට ලක් වෙලා සිහිය නැති වෙලා අයේ සාමාන්‍ය තත්වෙට ආවත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක නුවනට හුරුයි කියන එකයි.

Tuesday, November 27, 2012

මුල්ම පොස්ට් එක ....

අපි හැමෝම දන්නව, තමා නුතන ෛවදය විද්‍යාවේ පියා Hippocrates කියලා (අම්ම කවුද කියලනම් දන්නැ   :D  ) එහෙම ආරම්භඋනු ෛවදය විද්‍යාව  අද වෙනකොට Hippocrates ටත් හිතාගන්න බැරි  තරමට දියුණු වෙලා .ඉතින් ෛවදය ශිෂ්‍යයෙක් (හබැයි තාම දෙවන වසරෙ ) විදියට මන් ඉගනගන්න වැදගත් දෙවල් ඔබතුමන්ලා ,තුමියන්ලා එක්ක බෙදා ගන්න හිතලා තමා මේ බ්ලොග් එක පටන් ගත්තේ .
මේක ෛවදය විද්‍යාව ගැන උනන්දුවක් තියන අයට හා  අන්ගතයේ ෛවදයවරයෙක් වෙන්න කැමති (අකමැති උනත් කමක් නැ)  අයට උදවුවක් වෙවා කියල බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා....

වැඩි  කතා ඕනි නැ ,එහෙනම් වැඩේට බහිමු.

ලංකාවේ ෛවදය පීට 7ක් විතර  දැනට තියනවා. කොළඹ,පෙරෙ,ජ'පුර,කරාපිටිය,රජරට ,රාගම ,යාපනය තමා රන් කරන්නේ. මේ ඔක්කොගෙන්ම හම්බුවෙන උපාධිය තමා MBBS කියන්නෙ. එකෙ තේරුම ,Bachelor of Medicine Bachelor of Surgery කියන එක.
මේ කෝස් එකේ සිලබස් එක ෆැකල්ටියෙන් ෆැකල්ටියට‍ වෙනස්.ඒ මොනා උනත් අන්තිමට ෆයිනල් එකේ common MCQ එක ඔක්කොටම එකයි.එකෙන් තමා තමන් පත්වීම ලබන රෝහල තීරණය වෙන්නේ.

ඔය මොනා උනත් හැම එකේම මුලින් උගන්වන්නේ Anatomy,Physiology,Bio chemistry කියන සබ්ජෙක්ට් 3 .එකෙන් Anatomy තමා පොඩ්ඩක් සාටර් .එකේදී ඉගනගන්නේ අපේ ඇගේ ව්‍යුහය ගැන . අපි ඉස්කෝලෙදි ඇගේ ව්‍යුහය(Structure) ඉගනගත්තේ පද්ධති විදියටනේ ,එත් මේකෙදි ඉගනගන්නේ region සැපයි)විදියට. එකට හේතුව  මිනී කපද්දී (Dissection) මුළු ඇගම එකවර අධ්‍යනය කරන එක අමාරු එකයි.
ප්‍රධාන region 6 ක්තියනවා.
1.Head & Neck
2.Upper Limb
3.Thorax
4.Abdomen
5.Pelvis & Perineum
6.Lower Limb
       මේ එක එක  Region වල අස්ථි සැකැස්ම,පේශි ,රුධිර සැපයුම,ස්නායු සැපයුම වෙන වෙනම ඉගෙන ගන්නවා. ඉදිරි වසර වලදී තමා සායනික පැත්ත ගැන ඉගනගන්නේ.

Physiology ගත්තොත් එකේදී ඉගනගන්නේ ඇග තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලි (Function) ගැන.හරියට A/L  Physics  වගේ (ඒ වගේ කිවුවට එහෙමමත් නැ, A/L දාහකින් සැපයි)
Bio chem ගත්තම එකේදී ඉගනගන්නේ ඇගේ වෙන chemical reactions තමා ඉගං ගන්නේ.
 metabolism ,Enzymes,DNA,Hormones, etc.

ඔය මදෑ කිවුවා.. අලුත් පොස්ට් එකකින් අයෙත් සෙට් වෙමු....