Pages

Tuesday, November 27, 2012

මුල්ම පොස්ට් එක ....

අපි හැමෝම දන්නව, තමා නුතන ෛවදය විද්‍යාවේ පියා Hippocrates කියලා (අම්ම කවුද කියලනම් දන්නැ   :D  ) එහෙම ආරම්භඋනු ෛවදය විද්‍යාව  අද වෙනකොට Hippocrates ටත් හිතාගන්න බැරි  තරමට දියුණු වෙලා .ඉතින් ෛවදය ශිෂ්‍යයෙක් (හබැයි තාම දෙවන වසරෙ ) විදියට මන් ඉගනගන්න වැදගත් දෙවල් ඔබතුමන්ලා ,තුමියන්ලා එක්ක බෙදා ගන්න හිතලා තමා මේ බ්ලොග් එක පටන් ගත්තේ .
මේක ෛවදය විද්‍යාව ගැන උනන්දුවක් තියන අයට හා  අන්ගතයේ ෛවදයවරයෙක් වෙන්න කැමති (අකමැති උනත් කමක් නැ)  අයට උදවුවක් වෙවා කියල බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා....

වැඩි  කතා ඕනි නැ ,එහෙනම් වැඩේට බහිමු.

ලංකාවේ ෛවදය පීට 7ක් විතර  දැනට තියනවා. කොළඹ,පෙරෙ,ජ'පුර,කරාපිටිය,රජරට ,රාගම ,යාපනය තමා රන් කරන්නේ. මේ ඔක්කොගෙන්ම හම්බුවෙන උපාධිය තමා MBBS කියන්නෙ. එකෙ තේරුම ,Bachelor of Medicine Bachelor of Surgery කියන එක.
මේ කෝස් එකේ සිලබස් එක ෆැකල්ටියෙන් ෆැකල්ටියට‍ වෙනස්.ඒ මොනා උනත් අන්තිමට ෆයිනල් එකේ common MCQ එක ඔක්කොටම එකයි.එකෙන් තමා තමන් පත්වීම ලබන රෝහල තීරණය වෙන්නේ.

ඔය මොනා උනත් හැම එකේම මුලින් උගන්වන්නේ Anatomy,Physiology,Bio chemistry කියන සබ්ජෙක්ට් 3 .එකෙන් Anatomy තමා පොඩ්ඩක් සාටර් .එකේදී ඉගනගන්නේ අපේ ඇගේ ව්‍යුහය ගැන . අපි ඉස්කෝලෙදි ඇගේ ව්‍යුහය(Structure) ඉගනගත්තේ පද්ධති විදියටනේ ,එත් මේකෙදි ඉගනගන්නේ region සැපයි)විදියට. එකට හේතුව  මිනී කපද්දී (Dissection) මුළු ඇගම එකවර අධ්‍යනය කරන එක අමාරු එකයි.
ප්‍රධාන region 6 ක්තියනවා.
1.Head & Neck
2.Upper Limb
3.Thorax
4.Abdomen
5.Pelvis & Perineum
6.Lower Limb
       මේ එක එක  Region වල අස්ථි සැකැස්ම,පේශි ,රුධිර සැපයුම,ස්නායු සැපයුම වෙන වෙනම ඉගෙන ගන්නවා. ඉදිරි වසර වලදී තමා සායනික පැත්ත ගැන ඉගනගන්නේ.

Physiology ගත්තොත් එකේදී ඉගනගන්නේ ඇග තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලි (Function) ගැන.හරියට A/L  Physics  වගේ (ඒ වගේ කිවුවට එහෙමමත් නැ, A/L දාහකින් සැපයි)
Bio chem ගත්තම එකේදී ඉගනගන්නේ ඇගේ වෙන chemical reactions තමා ඉගං ගන්නේ.
 metabolism ,Enzymes,DNA,Hormones, etc.

ඔය මදෑ කිවුවා.. අලුත් පොස්ට් එකකින් අයෙත් සෙට් වෙමු....




No comments:

Post a Comment